History

History

පෙරවදන

1903 දී සිසුවියන් 10 දෙනෙකුගෙන් සමන්විත බාලිකා පාසලක් ලෙස ජීවන ගමන ඇරඹු විද්‍යාලෝක විදු මෑණියෝ 2020 වර්ෂය වන විට සිසුන් 1600 ක ගෙන් සමන්විත බලංගොඩ නගරයේ පිළිගත් ජනප්‍රිය 1AB ශේණියේ මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත්ව ඇත්තේ උසස් පෙළ විද්‍යා අංශයෙන්ද විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුන් බිහි කරමිනි.

විවිධ වූ සමාජ අත්දැකීම් සමුදායක හිමිකාරිය වන ඇය අනේක විධි දුක් ගැහැට විදිමින් යුග ගණනාවක් තිස්සේ රටට සුවිශේෂී පුද්ගලයන් දායක කරන්නට සමත් වූවාය. ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇති ලොව ප්‍රථම අගමැතිණියට, ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට අත්පොත් තබන්නට තරම් ඇය වාසනාවන්ත වූවාය. මැති ඇමතිවරු නගරාධිපතිවරු, විදුහල්පතිවරු හා රජයේ නිලතල දරන බොහෝ පිරිසකට ඇය අත්වැල වූවාය.

කුඩා භූමි භාගයක සිය දරුදැරියන් වෙනුවෙන් ඉඩහසර ලබාදුන් විද්‍යාලෝක විදු මෑණියෝ අධ්‍යාපනයෙන් මෙන්ම සෞන්දර්යය, ක්‍රීඩා ජාතික හා නූතන භාෂා අතරින් ද ජාතික ජයග්‍රහණ ලබා ගනිමින් ඉදිරියට යන්නේ ඇයගේ අනාගතය පැහැදිලි, දීප්තිමත්, වාසනාවන්ත යුගයක් බවට ලොවට කියා පාමිනි. ඇයගේ ජිවිතයේ කොටස්කරුවන් වන්නට වරම් ලැබූ අප සැබවින්ම වාසනාවන්තය. රත්නත්‍රයේ ආනුභාවයෙන් සියලු දෙවි රැක වරණින් අප විදු මෑණියන්ගේ අනාගත දිවිය සැපවත් වේවා.

Previous Principals

Name Start End
K. Sampo Hami 1903 1927
H.P. Meri Nona 1927 1935
D.A. Wijesingha 1935 1938
S. Wijesundara 1938 1939
U.D.S. Wikramarathna 1939 1947
M.D.S. Thisera 1947 1965
N.D.L.P. Nawlla 1965 1968
V.G. Rathnayake 1968 1971
B.G..J. Rathnayaka 1971 1973
B.G. Rathnayaka 1973 1978
T.H. Pujadhasa 1978 1978
K.H. Dayavansha 1978 1991
A. Woomsli 1991 2001
V. Gunathilaka 2001 2014
W.A. Jayathilake 2014 2023
D.S.M. Amarasinghe 2023 2024
P.K.G.M. Pitadeniya 2024